හෙට (22) දිනයේදී ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණයක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්. August 21, 2025 by W3 News with no comment උණුසුම් පුවත්කාලගුණයදේශීය පුවත්දෛනික කාලගුණය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.එම නිවේදනයේ සඳහන් වන්නේ උතුරු, උතුරු-මැද , නැගෙනහිර පළාත් සහ හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවයි.මෙලෙස උණුසුම් කාලගුණයක් පවතින අවස්ථාවකදී වැඩ බිම්වල සහ එළිමහනේ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථාන වල හැකි පමණ විවේක ගැනීම යන කරුණු සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බවත් නිවෙස් තුළ සිටින වැඩිහිටි පුද්ගලයින් පිළිබඳ සැළකිලිමත් විය යුතු බවත් කුඩා දරුවන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් . Previous Post සංස්ථා ලුණු මිල පහළට Next Post ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මිලියන 1.5 ඉක්මවූ පැමිණීම් සමග ප්‍රධාන කඩඉමක් පසු කරයි