දවසේ කාලගුණ අනාවැකිය – 2025 ජුලි 29 අඟහරුවාදා July 28, 2025 by W3 News with no comment කාලගුණය හෙට (29) දිනයේදී දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය,මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, දකුණු පළාතේත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. Previous Post ජනපති පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය මාලේ ජනරජ චතුරශ්‍රයේදී. Next Post දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට වැඩි ඡන්දයෙන් සම්මතයි