ජනපති පිළිගැනීමේ නිල රාජ්ය උත්සවය මාලේ ජනරජ චතුරශ්රයේදී. July 28, 2025 by W3 News with no comment උණුසුම් පුවත්දේශීය පුවත් මාලදිවයිනේ රාජ්ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල රාජ්ය උත්සවය අද (28) පස්වරුවේ මාලේ අගනුවර ජනරජ චතුරශ්රයේ දී පැවැත්වුණා. එහිදී මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවා. පිළිගැනීමේ නිල රාජ්ය උත්සවයෙන් අනතුරුව, දෙරටේ නායකයින් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. Previous Post සංචාරයක් සඳහා ජනපති මාලදිවයින බලා පිටත්ව යයි. Next Post දවසේ කාලගුණ අනාවැකිය – 2025 ජුලි 29 අඟහරුවාදා