උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් 2

හෙට (22) දිනයේදී ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණයක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ උතුරු, උතුරු-මැද , නැගෙනහිර පළාත් සහ හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවයි.

මෙලෙස උණුසුම් කාලගුණයක් පවතින අවස්ථාවකදී වැඩ බිම්වල සහ එළිමහනේ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථාන වල හැකි පමණ විවේක ගැනීම යන කරුණු සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බවත් නිවෙස් තුළ සිටින වැඩිහිටි පුද්ගලයින් පිළිබඳ සැළකිලිමත් විය යුතු බවත් කුඩා දරුවන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් ක‍ාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් .

ලුණු

සංස්ථා ලුණු මිල පහළට

ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණුවල මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

අයඩින් මිශ්‍ර ග්‍රෑම් 400ක ලුණු කුඩු පැකට්ටුවක් රු. 20කින්ද, කිලෝග්‍රෑමයක ලුණු කුඩු පැකට්ටුවක් රු.30කින්ද පහළ දමා ඇති බවයි එම සමාගමේ සභාපති ඩී.නන්දන තිලක මහතා සඳහන් කළේ.

ඒ අනුව ලුණු කුඩු ග්‍රෑම් 400ක පැකට්ටුවක නව මිල රු.100ක්ද ලුණු කුඩු කිලෝග්‍රෑමයක පැකට්ටුවක නව මිල රු200ක්ද වන අතර ලුණු කැට කිලෝග්‍රෑමයක පැකට්ටුවක නව මිල රු .150ක්ද වනවා.

එමෙන්ම සතොස හරහා ග්‍රෑම් 400ක ලුණු කුඩු පැකට්ටුවක් රු.90ක් වැනි සහන මිලකට ලබාගත හැකි බවයි ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

හම්බන්තොට, බූන්දල සහ පලටුපාන ලේවායන්හි යල කන්නයේ ලුණු අස්වනු ලබාගැනීම මේ වන විට ආරම්භ කර ඇති අතර ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් මෙලෙස මිල ගණන් පහළ දමා තිබෙනවා.