රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරයේ පළමු අදියර අද ඇරඹේ. රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරයේ පළමු අදියර අද(18) ආරම්භ වුණා.එම අදියර ඔක්තෝම්බර් 17 වනදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.තුන්වන වාරයේ දෙවන අදියර නොවැම්බර් මස 17 වන සඳුදා සිට දෙසැම්බර් මස 19 වන සිකුරාදා දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.
දවසේ කාලගුණ අනාවැකිය – 2025 අගෝස්තු 18 සඳුදා අද (18) දිනයේදී දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වයඹ පළාතේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළංද ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.