කාශ්මීරයේ හදිසි ගංවතුරෙන් මියගිය පිරිස 300 ඉක්මවයි August 17, 2025 by W3 News with no comment විදෙස් පුවත් කාශ්මීරයේ ඇති වූ අධික ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති පිරිස 307කට වැඩි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.මේ වන විට වැඩිම මරණ සංඛ්‍යාවක් වයඹදිග පාකිස්තානයේ කඳුකර කයිබර් පක්තුන්ක්වා පළාතෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.එමෙන්ම ආපදාවට පත් පිරිස් ගලවා ගැනීමේ මෙහෙයුමක් අතරතුරදී ඒ සඳහා යොදාගත් හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 05 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.මේ අතර එරට රජයේ කාලගුණික වාර්තාවන් පෙන්වා දී ඇත්තේ එළැඹෙන අගොස්තු 21 වැනිදා දක්වා රටේ වයඹ දෙසින් තද වැසි අපෙක්ෂා කළ හැකි බවයි.පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රදේශ කිහිපයක් ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමටද එරට රජය පියවර ගෙන තිබෙනවා. Previous Post ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Santa Barbara නෞකාව කොළඹ වරායට Next Post කොළඹ ජාතික කෞතුකාගාරය විවෘතව තැබෙන දින සම්බන්ධයෙන් දැනුම්දීමක්