ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Santa Barbara නෞකාව කොළඹ වරායට August 17, 2025 by W3 News with no comment දේශීය පුවත් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Santa Barbara (LCS32)’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඊයේ (16) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකරනු ලැබුවා.මෙලෙස කොළඹ වරායට පැමිණි Littoral Combat වර්ගයට අයත් ‘USS Santa Barbara (LCS32)’ නෞකාව, එක්සත් ජනපද හත්වන (7th Fleet) නෞකා බල ඇනියට අයත් නෞකාවක් වන අතර, එය දිගින් මීටර් 127.6 ක් වනවා.මෙම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරනු ලබන්නේ කමාන්ඩර් A. J. OCHS යි.ලබන 22 වැනිදා දක්වා USS Santa Barbara නෞකාව කොළඹ වරායේ නැංගුරම්ලා ඇති අතර මෙම නෞකාව කොළඹ වරායට පැමිණි පළමු අවස්ථාව මෙය බවයි අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ. Previous Post දවසේ කාලගුණ අනාවැකිය – 2025 අගෝස්තු 17 ඉරිදා Next Post කාශ්මීරයේ හදිසි ගංවතුරෙන් මියගිය පිරිස 300 ඉක්මවයි