2025 සැප්තැම්බර් 01 දින සිට සඳුදා දිනයන්හි කොළඹ ජාතික කෞතුකාගාරය සහ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනයට විවෘත නොකෙරෙන බව ඡාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් සියලුම කෞතුකාගාර සතියේ සෑම සඳුදා දිනකම නඩත්තු කටයුතු සඳහා වසා තිබෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
සතියේ අනෙකුත් සෑම දිනකම හා සති අන්තයේ පෙ.ව. 9.00 සිට ප.ව 6.00 දක්වා කෞතුකාගාරය විවෘතව පවතිනවා.
රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින අතුරින් ජාතික නිදහස් දිනය සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩු දින 02ක් කම්කරු දිනය හා වෙසක් පෝය දිනය යන දිනයන්හිද කෞතුකාගාරය විවෘත නොකරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර විවෘතව තබන වේලාව පෙ.ව 9.00 සිට ප.ව 5.00 දක්වා වන අතර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ප.ව. 4.00 ට අවසන් වනවා.



