මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් කීපයක සභාපතිවරයෙකු වන ඉෂාර නානායක්කාර මහතා මෙරට ධනවත්ම පුද්ගලයා ලෙස නම් කර තිබෙනවා.
ඔහු සතුව ඇති ඇස්තමේන්තුගත වත්කම ඩොලර් බිලියන 1.6ක්.
ගල්ෆ් නිවුස් වෙබ් අඩවිය මගින් පසුගියදා මේ බව අනාවරණ කර ඇති අතර ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස පෙරමුණෙහි සිටින්නේ මුකේෂ් අම්බානි.
ඔහු සතු ඇස්තමේන්තු ගත වත්කම ඩොලර් බිලියන 118 ක් බව සඳහන්.
ඉෂාර නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් යුත් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී අද වන විට කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගම් අතුරින් සිව්වන ස්ථානයේ පසුවන අතර ඔහුගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක LOLC ෆයිනෑන්ස් සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් යන සමාගම්, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් විශාලම සමාගම් 15 අතර පසුවනවා.
ඉෂාර නානායක්කාර මහතා ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇත්තේ මෙතෙක් ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි ධම්මික පෙරේරා මහතා අභිබවා යමින්.
ඩොලර් බිලියන 13.5 ක වත්කමකට හිමිකම් කියන පාකිස්ථාන ජාතික ෂාහිඩ් ඛාන්, ඩොලර් බිලියන 12 ක වත්කම් සහිත බංග්ලාදේශයේ මොසා බින් ෂම්ෂර්, ඩොලර් බිලියන 1.6 ක වත්කමකට හිමිකම් කියන නේපාලයේ බිනෝද් චෞද්රි සහ ශ්‍රී ලංකාවේ ඉෂාර නානායක්කාර දකුණු ආසියාවේ සිටින ධනවතුන් අතර පෙරමුණේ රැදී සිටිනවා.
