images

දරුවන් අතර මී උණ රෝගය පැතිරීමේ වැඩිවීමක්

මාරාන්තික මී උණ රෝගය මේ දිනවල යළිත් ව්‍යාප්ත වෙමින් තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා අද (11) පෙරවරුවේ පැවති  මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරත් සඳහන් කළේ, ම‍ඩේ බැසීමෙන් මී උණ රෝගය වැඩි වශයෙන් වැළඳෙන බවයි.

මේ දිනවල පාසල් නිවාඩු කාලය බැවින් සරුංගල් යැවීම සඳහා වෙල්යායන් කරා යාම දරුවන් අතර මී උණ රෝගය ව්‍යාප්තවීම වැඩිවීමට ප්‍රධාන හේතුවක්වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මී උණ රෝගය

මී උණ හෙවත් ලෙප්ටෝස්පයිරෝසිස් (leptospirosis) රෝගය මීයන්, ගවයන්, මී ගවයන් වැනි සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකි රෝගී තත්ත්වයක්. මෙම රෝගය වෙල් උණ,පතල් උණ යන නම් වලින්ද හඳුන්වනු ලබනවා.

මෙය leptospirainterrogans නමැති බැක්ටීරියාව ආසාදනය වීමෙන් හටගන්නා රෝගයක්.

මීයන් ,ගවයන්, මී ගවයන් වැනි සතුන්ගේ ශරීරයේ පවතින මෙම බැක්ටීරියාව එම සතුන්ගේ මූත්‍රා මගින් ජලයට එකතු වනවා. කුඹුරු, දියකඩිති, ඇළ මාර්ග, කාණු, පතල් ආදී ස්ථාන වල ජලයට මෙම බැක්ටීරියාව එකතුවී රැඳී තිබිය හැකියි.

පුද්ගලයෙකුගේ ශරීරයේ ඇති කැපීම්, සීරීම්, තුවාල හෝ ඇස් සහ මුඛය හරහාද මෙම බැක්ටීරියාව සිරුරට ඇතුළු වනවා.

රෝග ලක්ෂණ

සාමාන්‍යයෙන් මෙම බැක්ටීරියාව ශරීරගතවී දින 02ත් 14ත් අතර කාලය තුළදී රෝග ලක්ෂණ මතුවිය හැකියි.

උණ, මස්පිඩු වේදනාව, ඇස් රතුවීම, හිසරදය, මුත්‍රා කහ පැහැවීම, මුත්‍රා යාම අඩුවීම, වමනය, සිරුරේ අප්‍රාණිකත්වය ආදී රෝග ලක්ෂණ දැකගත හැකියි.

මෙම මී උණ රෝගී තත්ත්වය සුව කරගැනීමට වෛද්‍ය ප්‍රතිකාර තිබෙන අතර නිසි කලට නොපමාව ප්‍රතිකාර නෙ‍ාකළහොත් රෝගය උත්සන්නවී මරණය පවා සිදු විය හැකි බැවින් රෝගය ශරීරගතවීම වළක්වාගැනීමට කටයුතු කිරීමත්, රෝග ලක්ෂණ ඇත්නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම ඉතා වැදගත්.

ishara nanayakkara

ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා, ඉෂාර නානායක්කාර

මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් කීපයක සභාපතිවරයෙකු වන ඉෂාර නානායක්කාර මහතා මෙරට ධනවත්ම පුද්ගලයා ලෙස නම් කර තිබෙනවා.

ඔහු සතුව ඇති ඇස්තමේන්තුගත වත්කම ඩොලර් බිලියන 1.6ක්.

ගල්ෆ් නිවුස් වෙබ් අඩවිය මගින් පසුගියදා මේ බව අනාවරණ කර ඇති අතර ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස පෙරමුණෙහි සිටින්නේ මුකේෂ් අම්බානි.

ඔහු සතු ඇස්තමේන්තු ගත වත්කම ඩොලර් බිලියන 118 ක් බව සඳහන්.

ඉෂාර නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් යුත් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී අද වන වි‌ට කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගම් අතුරින් සිව්වන ස්ථානයේ පසුවන අතර ඔහුගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක LOLC ෆයිනෑන්ස් සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් යන සමාගම්, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් විශාලම සමාගම් 15 අතර පසුවනවා.

ඉෂාර නානායක්කාර මහතා ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇත්තේ මෙතෙක් ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි ධම්මික පෙරේරා මහතා අභිබවා යමින්.

ඩොලර් බිලියන 13.5 ක වත්කමකට හිමිකම් කියන පාකිස්ථාන ජාතික ෂාහිඩ් ඛාන්, ඩොලර් බිලියන 12 ක වත්කම් සහිත බංග්ලාදේශයේ මොසා බින් ෂම්ෂර්, ඩොලර් බිලියන 1.6 ක වත්කමකට හිමිකම් කියන නේපාලයේ බිනෝද් චෞද්රි සහ ශ්‍රී ලංකාවේ ඉෂාර නානායක්කාර දකුණු ආසියාවේ සිටින ධනවතුන් අතර පෙරමුණේ රැදී සිටිනවා.