රිය අනතුරකින් මෝටර් රථයක් ගිනිගනියි

බත්තරමුල්ල අකුරේගොඩ වැව පාරේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් මෝටර් රථයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.

අද අලුයම හතරට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ තිබූ කණුවක මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Tags: No tags

Add a Comment

Your email address will not be published. Required fields are marked *