දේශබන්දු තෙන්නකෝන්

දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට වැඩි ඡන්දයෙන් සම්මතයි

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා අද (05) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් හිමිවූ අතර යෝජනාවට විරුද්ධව කිසිඳු ඡන්දයක් හිමිවූයේ නැහැ. එහිදී එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළැකී සිටියා.

ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස වූ යෝජනාව වැඩි ඡන්ද 177කින් සම්මත වූ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක් එනම් මන්ත්‍රීවරුන් 113ක් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් මෙම යෝජනාව සම්මත කර ගැනීමට හැකියාව පවතී.

යෝජනාව සම්මත වූ බවට කථානායකවරයා සිදුකරන දැනුම්දීමෙන් අනතුරුව  ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරීමට නියමිතයි.

පොලිස්පති ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම හා විෂමාචාර සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා. 

Tags: No tags

Add a Comment

Your email address will not be published. Required fields are marked *