maldives-1

ජනපති පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය මාලේ ජනරජ චතුරශ්‍රයේදී.

මාලදිවයිනේ රාජ්‍ය සංචාර‍යක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද (28) පස්වරුවේ මාලේ අගනුවර ජනරජ චතුරශ්‍රයේ දී පැවැත්වුණා.

එහිදී මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවා.

පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් අනතුරුව, දෙරටේ නායකයින් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

Tags: No tags

Add a Comment

Your email address will not be published. Required fields are marked *