දවසේ කාලගුණ අනාවැකිය – 2025 ජුලි 29 අඟහරුවාදා හෙට (29) දිනයේදී දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය,මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, දකුණු පළාතේත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ජනපති පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය මාලේ ජනරජ චතුරශ්‍රයේදී. මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද (28) පස්වරුවේ මාලේ අගනුවර ජනරජ චතුරශ්‍රයේ දී පැවැත්වුණා. එහිදී මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවා. පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් අනතුරුව, දෙරටේ නායකයින් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
සංචාරයක් සඳහා ජනපති මාලදිවයින බලා පිටත්ව යයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා අද (28) පෙරවරුවේ දිවයිනෙන් පිටත්වුණා.ඒ මාලදිවයින් ජනාධිපති, ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකට අනුවයි.මෙම සංචාරය අතරතුරදී, දෙරටේ ජනාධිපතිවරුන් අතර ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා – මාලදිවයින් අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක්ද හුවමාරු කර ගැනීමට නියමිතයි.මෙම රාජ්‍ය සංචාරය සඳහා විදේශ කටයුතු,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.